+94 41 225 3677
History

ගංගාරාම මහා විහාරයේ ඉතිහාසයාසය

  • ශ්‍රී ලංකාදීපයේ, දකුණු පළාතේ, මාතර දිස්ත්‍රික්කයේ, වැලිගම් කෝරලයට අයත් පැළෑණ නම් ගම ග්‍රාමනිලධාරි වසම් තුනකින් සමන්විත වන අතර මෙගම ඉපදී පැවිදි දිවියට පත් අතිපූජ්‍ය පැළෑණේ සිරි වජිරඤාණ මහනාහිමියන් නිසා මෙම ග්‍රාමය දෙස් විදෙස්හි පතලව තිබේ. මෙකී ග්‍රාමයේ දකුණු දෙසින් මහ මුහුදත්, උතුරු - නැගෙනහිර දෙපසින් පොල්වතු නදියත් පිහිටීම නිසා ගමේ සුන්දරත්වය වැඩිවී තිබේ. 1923 ජනවාරි 23 වෙනි දින පොල්වතු ගඟට මායිම්ව පැළෑණ ගංගාරාම මහා විහාරස්ථානය ආරම්භ කරන්නේ ගමේ ප්‍රථම ආගමික ස්ථානය ලෙසයි. මෙකී විහාරස්ථානයේ මුල්ම විහාරාධිපතීන් වහන්සේලා ලෙස, පූජ්‍ය ඉල්වත්තේ ජිනරතන මාහිමිපාණන් පත් වූ අතර, පූජ්‍ය බොරාල සුගතපාල මාහිමි පූජ්‍ය දික්කුඹුරේ විමලානන්ද මාහිමි පූජ්‍ය පැළෑණේ පඤ්ඤානන්ද මාහිමි විහාරාධිපති ධුරය උසුලා අපවත් වී ඇත.
History

Siri Vajiragnana Dhamma School

පැළෑණ සිරි වජිරඤාණ දහම් පාසල ආරම්භ කර ඇත්තේ 1940 ජූලි මස 04 වැනි ඉරිදා දිනයේ දීය. මුල්ම ප්‍රධානාචාර්‍ය තනතුර හෙබවූයේ පැළෑණේ පඤ්ඤානන්ද හිමියන් විසිනි. උන්වහන්සේ වසර 14ක් එම තනතුර දරා ඇති අතර අසනීප වීම නිසා එම තනතුර වෛද්‍යාචාර්‍ය ඩබ්.පී.බී. ගුණරත්න වෙද මහත්මාට පවරා තිබේ. එතුමා වසර 40ක් එම තනතුර දරමින් දහම් පාසලේ දියුණුවට කැපවී ක්‍රියාකොට ඇත. එතුමා වයෝවෘද්ධව සිටි බැවින් 1991 ජනවාරි 27 වෙනි දින පූජ්‍ය පැල්වෙහෙර සුසීම හිමියන්ට එම තනතුර පවරන ලදී. 1991 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා ප්‍රධානාචාර්‍ය ධුරය දැරූ පූජ්‍ය පැල්වෙහෙර සුසීම හිමියන් විසින් දහම් පාසලට අවශ්‍ය ගොඩනැගිලි, ඩෙස්, බංකු ආදී සියලු උපකරණ සපයා ගත්හ. හොඳ ඇදුරු මඩුල්ලක් සමග දූ දරුවන් විශාල පිරිසකට දහම් අධ්‍යාපනය ලබා දෙමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් වැලිගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දීප්තිමත් දහම් පාසලක් බවට පත් කොට තිබේ. 2021 වර්ෂයේ සිට අද දක්වා ප්‍රධානාචාර්ය ධුරය දරණු ලබන්නේ සාමවිනිසුරු පී.පී.ජී රවීන්ද්‍ර මහතාය. එතුමන්ට මේ සඳහා මහත් ශක්තියක් ලබාදෙන්නේ දහම් පාසලේ ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය ධම්මතිලක හිමියන්ය. උන්වහන්සේ විසින් වත්මනට ගැලපෙන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් දහම් පාසල නවමු මඟකට යොමු කරමින් පවතී. මේ සඳහා උප ප්‍රධානාචාර්‍ය පී.පී.ජී. ඉරුකා මහත්මිය හා වත්මන් ඇදුරු මඩුල්ල මගින් අමිල සහයක් ලබාදෙනු ලබයි. එමෙන්ම එදා මෙදා තුර වසර ගණනාවක් පුරාවට පැළෑණ සිරි වජිරඤාණ දහම් පාසලෙන් දහම් අධ්‍යාපනය ලද දූ දරුවන් විශාල ප්‍රමාණයක් ලංකාවේ හා විදෙස් රටවල රජයේ හා රාජ්‍ය නොවන ආයතනවල ඉහළ තනතුරු දරමින් ජීවත්වීම සතුටට කාරණාවකි.
Gangarama Temple
අපවත් වී වදාළ,වැලිගම, පැළෑණ ගංගාරාම මහා විහාරය, වාද්දූව,වේරගම ගංගාතිලකාරාමය යන උභය විහාරාධිපති, ශ්‍රී ධර්මරක්ෂිත වංශාලංකාර අතිපූජ්‍ය පැළෑණේ පඤ්ඤානන්ද මහා ස්වාමින් වහන්සේ.

අතිපූජ්‍ය පැල්වෙහෙර සුසීම ස්වාමීන්ද්‍රයන් වහන්සේ

වත්මන් විහාරාධිපති
කන්ද උඩරට රාජධානියට අයත් මධ්‍යම පලාතේ මාතලේ දිස්ත්‍රික්කයේ වත්තේගම පාතදුම්බරදී 1969.01.27 වෙනි දින මෙලොව එළිය දුටු කුමාරයාට දසනායක මුදියන්සේලාගේ උදේනි නිමල් කුමාර යනුවෙන් නම් තබන ලදි.සහෝදරයන් එක්කෙනෙක් හා සහෝදරියන් හතර දෙනකුගෙන් යුත් පවුලේ බාලයා වූ උදේනිගේ මව්පියන් ආගම දහමට ලැදි වූවන් වූහ. පවුලේ අය 1971 වර්ෂයේ දී නුවරින් දඹුල්ලට ගොස් පැල්වෙහෙර ග්‍රාමයේ පදිංචි වූහ. 1979 වසරේදී තම පියාගේ අභාවයෙන් පසුව තම පාසල් මිතුරෙකුගේ පැවිදිවීම දැක තමාටද පැවිදි වීමට අවශ්‍ය බව මවට දැන්වීමෙන් පසු 1982 නොවැම්බර් මස 28 වෙනි දින ශාලිය ආරණ්‍ය සේනාසනයේදී පැල්වෙහෙර සුසීම යන නමින් පැවිදි දිවියට පත්විය. විසි වයස් සපිරීමෙන් පසු 1989 ජූලි මස 7 වෙනි දින මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දී පූජ්‍ය පාද මඩිහේ පඤ්ඤාසීය නාහිමිගේ උපාධ්‍යත්වයෙන් හා පූජ්‍ය පැළෑනේ පඤ්ඤානන්ද මාහිමිගේ ආචාරීත්වයෙන් උපසම්පදා විය. 1991 පෙබරවාරි 14 වෙනි දින ගුරු හිමිගේ අභාවය සිදුවිය.පන්සලේ හා දායක පින්වතුන්ගේ සියලු ආගමික ජාතික සාමාජික කටයුතු මැනවින් ඉටු කරමින් වැලිගම ප්‍රදේශයේ ජීවත්වන සියලු ජාතීන් සමඟ සුහදශීලීව කටයුතු කරන අතර සමාජ සේවා කටයුතුවල නිරත වී ක්‍රියා කරන හිමි නමකි. වයසින් 56 වියේ පසුවෙන පැල් වෙහෙර සුසීම හිමියන්ට එක් පැවිදි ශිෂ්‍යයෙක් සිටින අතර ඒ පූජ්‍ය රජවක ධම්මතිලක හිමියන්ය. උන්වහන්සේ ගෞරව ශාස්ත්‍රවේදී උපාධියක් ලබා උසස් අධ්‍යාපන කටයුතු හා සමාජ සේවා කටයුතුවල නිරතවී ක්‍රියා කරනු ලබයි. පැළෑන ගංගාරාම මහා විහාරාධිකාරී පූජ්‍ය පැල් වෙහෙර සුසීම ලොකු හාමුදුරුවන් වහන්සේට නිදුක් බව නීරෝගී බව ලැබේවායි ප්‍රාර්ථනාකරමි.
Upcoming

Events

Sadaham Waruna

E-Magazin

Thu 25 Apr 2024
Transportations

Most Ven. Dr. Deniyaye Pannaloka Buddarakkitha Thera

The next historical event connected with Kelaniya, is the Buddha’s visit. The Buddha knowing that the Lanka would be the only country where his religion would be most glorifi...

Subscribe Our Newsletter
& Get Updates.