- ශ්‍රී ලංකාදීපයේ, දකුණු පළාතේ, මාතර දිස්ත්‍රික්කයේ, වැලිගම් කෝරලයට අයත් පැළෑණ නම් ගම ග්රාමනිලධාරි වසම් තුනකින් සමන්විත වන අතර මෙගම ඉපදී පැවිදි දිවියට පත් අතිපූජ්‍ය පැළෑණේ සිරි වජිරඤාණ මහනාහිමියන් නිසා මෙම ග්‍රාමය දෙස් විදෙස්හි පතලව තිබේ. මෙකී ග්‍රාමයේ දකුණු දෙසින් මහ මුහුදත්, උතුරු - නැගෙනහිර දෙපසින් පොල්වතු නදියත් පිහිටීම නිසා ගමේ සුන්දරත්වය වැඩිවී තිබේ. 1923 ජනවාරි 23 වෙනි දින පොල්වතු ගඟට මායිම්ව පැළෑණ ගංගාරාම මහා විහාරස්ථානය ආරම්භ කරන්නේ ගමේ ප්‍රථම ආගමික ස්ථානය ලෙසයි. මෙකී විහාරස්ථානයේ මුල්ම විහාරාධිපතීන් වහන්සේලා ලෙස, පූජ්‍ය ඉල්වත්තේ ජිනරතන මාහිමිපාණන් පත් වූ අතර, පූජ්‍ය බොරාල සුගතපාල මාහිමි පූජ්‍ය දික්කුඹුරේ විමලානන්ද මාහිමි පූජ්‍ය පැළෑණේ පඤ්ඤානන්ද මාහිමි විහාරාධිපති ධුරය උසුලා අපවත් වී ඇත.
History
ගංගාරාම මහා විහාරයේ ඉතිහාසයාසය
History
Siri Vajiragnana Dhamma School
පැළෑණ සිරි වජිරඤාණ දහම් පාසල ආරම්භ කර ඇත්තේ 1940 ජූලි මස 04 වැනි ඉරිදා දිනයේ දීය.
මුල්ම ප්‍රධානාචාර්ය තනතුර හෙබවූයේ පැළෑණේ පඤ්ඤානන්ද හිමියන් විසිනි. උන්වහන්සේ වසර 14ක් එම තනතුර දරා ඇති අතර අසනීප වීම නිසා එම තනතුර වෛද්යාචාර්ය ඩබ්.පී.බී. ගුණරත්න වෙද මහත්මාට පවරා තිබේ. එතුමා වසර 40ක් එම තනතුර දරමින් දහම් පාසලේ දියුණුවට කැපවී ක්‍රියාකොට ඇත.
එතුමා වයෝවෘද්ධව සිටි බැවින් 1991 ජනවාරි 27 වෙනි දින පූජ්‍ය පැල්වෙහෙර සුසීම හිමියන්ට එම තනතුර පවරන ලදී. 1991 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා ප්‍රධානාචාර්ය ධුරය දැරූ පූජ්‍ය පැල්වෙහෙර සුසීම හිමියන් විසින් දහම් පාසලට අවශ්‍ය ගොඩනැගිලි, ඩෙස්, බංකු ආදී සියලු උපකරණ සපයා ගත්හ. හොඳ ඇදුරු මඩුල්ලක් සමග දූ දරුවන් විශාල පිරිසකට දහම් අධ්‍යාපනය ලබා දෙමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් වැලිගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දීප්තිමත් දහම් පාසලක් බවට පත් කොට තිබේ.
2021 වර්ෂයේ සිට අද දක්වා ප්‍රධානාචාර්ය ධුරය දරණු ලබන්නේ සාමවිනිසුරු පී.පී.ජී රවීන්ද්‍ර මහතාය. එතුමන්ට මේ සඳහා මහත් ශක්තියක් ලබාදෙන්නේ දහම් පාසලේ ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය ධම්මතිලක හිමියන්ය. උන්වහන්සේ විසින් වත්මනට ගැලපෙන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් දහම් පාසල නවමු මඟකට යොමු කරමින් පවතී. මේ සඳහා උප ප්‍රධානාචාර්ය පී.පී.ජී. ඉරුකා මහත්මිය හා වත්මන් ඇදුරු මඩුල්ල මගින් අමිල සහයක් ලබාදෙනු ලබයි.
එමෙන්ම එදා මෙදා තුර වසර ගණනාවක් පුරාවට පැළෑණ සිරි වජිරඤාණ දහම් පාසලෙන් දහම් අධ්‍යාපනය ලද දූ දරුවන් විශාල ප්‍රමාණයක් ලංකාවේ හා විදෙස් රටවල රජයේ හා රාජ්‍ය නොවන ආයතනවල ඉහළ තනතුරු දරමින් ජීවත්වීම සතුටට කාරණාවකි.